ප‍්‍රස්තාව පිරුළු

                                                                                                                                                                                                    ප‍්‍රස්තාව පිරුළු                                                                                                                                                                                                                                                                          කිසියම් අදහසක් මනා ව කෙටියෙන් පැහැදිලි ව ප‍්‍රකාශකිරීම පහසු කර ගැනීම සඳහා සමාජ ව්‍යවහාරයෙහි පවත්නා කියමන් යොදා ගැනීම අප අතර පවත්නා සාමාන්‍යපුරුද්දකි. මෙසේ යොදා ගන්නා කියමන් කිසියම් ඇත්තක් හෝ සිද්ධියක් හෝ කතාවක්
    මුල් කොට ගෙන කටින් කට ව්‍යවහාරයට පත් වේ. එබඳු කියමන්            ප‍්‍රස්තාව පිරුළුහෙවත් පිරුළු නමින් හැඳින්වේ. මේ පිරුළු අද්‍යතන           ව්‍යවහාරයට පත් වී ඇත්තේපැරණියන්ගේ ව්‍යවහාර ඔස්සේ ය. පිරුළු       මෙන් ම ජනවහරේ පවත්නා යෙදුම් විශේෂයකි

  • ආප්තෝපදේශ. ‘ආප්ත’, ‘උපදේශ’ යන පද දෙක එකතු වීමෙන් මෙය සකස් වී ඇත.
  • ‘ආප්ත’ යනු වැඩිහිටි, දැනුමැති, දක්ෂ, විචක්ෂණ පුද්ගලයන් හැඳින්වෙන යෙදුමකි.
  • එවැන්නන්ගෙන් ලැබෙන උපදේශ ආප්තෝපදේශ
ප‍්‍රස්තාව පිරුළු මෙසේ වර්ග කර ගෙන ඉගෙනීමට ද හැකි ය.
1. කිසියම් රිද්මයක් සහිත ව කියැවෙන ප‍්‍රස්තාව පිරුළු
නිදසුන් :

  • අනේ කාලේ වනේ වාසේ
  • උඩින් ඔපේ යටින් හපේ
  • විද්දේ හාවාට වැදුණේ පඳුරට
  • උඩින් හකුරු යටින් කතුරු
2. නෑ යන්න අගට යෙදී කිසියම් රිද්මයක් ගන්නා ප‍්‍රස්තාව පිරුළු
    නිදසුන් :
    • නටපු තොයිලෙකුත් නෑ - බෙරේ පළුවකුත් නෑ
    • බල්ලට ඇති වැඩකුත් නෑ - හෙමින් ගමනකුත් නෑ
    • බල්ලා පිදුරු කන්නෙත් නෑ - කන ගොනාට දෙන්නෙත් නෑ
    3. ‘ලූ’ නිපාතය අගට යෙදී රිද්මයක් ඇති කරන ප‍්‍රස්තාව පිරුළු
      නිදසුන් :
      • තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග ලූ
      • ගමනට ඉණිමග කතාව ලූ
      • ගස් නැති රටේ එඬරු ගහත් ගහක් ලූ
      4. ‘සේ’ නිපාතයෙන් අවසන් වන ප‍්‍රස්තාව පිරුළු
        නිදසුන් :

        • අඹ විචාළවුන්ට දෙල් කියන්නා සේ
        • ආඳා යවා තබාලා වල්පත අතට ගත්තා සේ
        • උගුරට හොරා බේත් කන්නා සේ
        ඉහත ප‍්‍රස්තාව පිරුළු උපමා ස්වරූපයක් ගන්නා අතර එ්වා බෙහෙවින් ම අන්තර්ගත ව ඇත්තේ පැරණි පොතපතේ ය.
        5. වාගේ/වගෙයි යන්නෙන් අවසන් වන ප‍්‍රස්තාව පිරුළු
          නිදසුන් :

          • අකලට පලගත් ගෙඩිය වගෙයි
          • අඟ් ඉඳන් කන කනවා වාගෙයි      

          • අටුවෙන් දුමට බැස්සා වාගේ
          • අතු කඩා මොර කන්නා වාගේ
          • පරංගියා කෝට්ටේ ගියා වාගේ
          6. ‘ද’ නිපාතයෙන් අවසන් වන ප‍්‍රස්තාව පිරුළු
            නිදසුන් :
            • ඇත්ත කියා පැත්තක් ගියත් මොක ද?
            • ඇහැළ පෙරහැරට බෙරත් හිඟ ද?
            • ඌරන්ට මොන අච්චාරු ද?
            • ළිපේ අළු ගාගන්න ආඬියාගෙන් අවසර මොට ද?
            මෙසේ තවත් විවිධ රටාවලට ඇතුළත් කළ හැකි ප‍්‍රස්තාව පිරුළු විශාල සංඛ්‍යාවක් සිහල බසේ දක්නට ඇත.

            Comments

            1. පුහුල්හෙරාකරෙන්දැනෙ

              ReplyDelete
            2. තැලෙන යකඩෙ දැක්කහම ආචාරියා උඩ පැන පැන තලනවලු

              ReplyDelete
              Replies
              1. මේකේ තේරුම මොකද්ද?

                Delete

            Post a Comment

            Popular posts from this blog